ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය අද සමත් වුණා.
ඒ, මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය දරන කැනඩාව ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින්.
මෙම ජයග්රහණයත් සමඟ ස්විට්සර්ලන්තය සුවිශේෂී වාර්තාවක් ද තබා තිබෙනවා.
ඒ, ආර්ජන්ටිනාව සහ ප්රංශයට පසුව, පිට පිටම ලෝක කුසලාන තරගාවලි හතරකදීම පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබූ ලොව තුන්වන රට බවට පත්වෙමින්.
ඒ අනුව ඔවුන් ලබන ජූලි 3 වැනිදා වැන්කූවර් නුවරදීම සිය මීළඟ තරගයට මුහුණ දීමට නියමිතයි.
මේ අතර මෙම තරගයෙන් පරාජය වුවද, කැනඩා කණ්ඩායම ද සිය ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
ඔවුන් ‘ඊ‘ කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගනිමින් මෙම අවස්ථාව හිමිකර ගත්තා.
කෙසේ වෙතත්, කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අපොහොසත් වීම නිසා කැනඩාවට මින් ඉදිරියට සිය මව් රටේදී තරග වැදීමේ වාසිය අහිමි වනවා.
ඔවුන්ගේ මීළඟ තරගය ලබන ජූනි 28 වැනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර අද පැවති තවත් තරගයකදී ගෝල එකට බින්දුවක් ලෙස දකුණු කොරියාව පරාජය කිරීමට දකුණු අප්රිකාව සමත් වුණා.
ගෝල 4 ට දෙකක් ලෙස මොරාක්කෝව හයිටි රාජ්ය පරාජය කළා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය අද සමත් වුණා.
ඒ, මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය දරන කැනඩාව ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින්.
මෙම ජයග්රහණයත් සමඟ ස්විට්සර්ලන්තය සුවිශේෂී වාර්තාවක් ද තබා තිබෙනවා.
ඒ, ආර්ජන්ටිනාව සහ ප්රංශයට පසුව, පිට පිටම ලෝක කුසලාන තරගාවලි හතරකදීම පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබූ ලොව තුන්වන රට බවට පත්වෙමින්.
ඒ අනුව ඔවුන් ලබන ජූලි 3 වැනිදා වැන්කූවර් නුවරදීම සිය මීළඟ තරගයට මුහුණ දීමට නියමිතයි.
මේ අතර මෙම තරගයෙන් පරාජය වුවද, කැනඩා කණ්ඩායම ද සිය ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
ඔවුන් ‘ඊ‘ කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගනිමින් මෙම අවස්ථාව හිමිකර ගත්තා.
කෙසේ වෙතත්, කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අපොහොසත් වීම නිසා කැනඩාවට මින් ඉදිරියට සිය මව් රටේදී තරග වැදීමේ වාසිය අහිමි වනවා.
ඔවුන්ගේ මීළඟ තරගය ලබන ජූනි 28 වැනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර අද පැවති තවත් තරගයකදී ගෝල එකට බින්දුවක් ලෙස දකුණු කොරියාව පරාජය කිරීමට දකුණු අප්රිකාව සමත් වුණා. ගෝල 4 ට දෙකක් ලෙස මොරාක්කෝව හයිටි රාජ්ය පරාජය කළා.