වෙනිසියුලාවේ පවතින බැරල් බිලියන 65 කට අධික තහවුරු කළ බොරතෙල් තැන්පතුවල බහුතර පාලන බලය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හිමිකර ගෙන තිබෙනවා.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ”ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම” ලෙස මෙය හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ වෙනිසියුලාවේ තාවකාලික ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගෝස් අතර පෞද්ගලික අංශයේ සහභාගීත්වය ද සහිතව මෙම ඓතිහාසික ගිවිසුමට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගිවිසුම මඟින් ඇමෙරිකාවේ තෙල් සංචිත ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වන අතර, ඇමෙරිකානු ජනතාවට ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට මෙයින් අවස්ථාව හිමිවන බවයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ.