OpenCrypto සමඟ හවුල්කාරිත්වයෙන් පාරිභෝගිකයින්ට වේගවත්, අඩු වියදම් ඩිජිටල් ගනුදෙනු සමඟ සිල්ලර බඩු සඳහා ගෙවීමට ඉඩ සලසා දී තිබෙනවා.

සාප්පු හිමියන් පිටවීමේදී QR කේතයක් ස්කෑන් කරන අතර, ක්ෂණිකව ක්‍රිප්ටෝ ගෙවීම් ස්විස් ෆ්‍රෑන්ක් බවට හරවමින් ගෙවීම් සම්පූර්න කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පියවර මගින් SPAR යුරෝපයේ ක්‍රිප්ටෝ ගෙවීම් එදිනෙදා සාප්පු සවාරි සඳහා ඒකාබද්ධ කරන පළමු ප්‍රධාන සිල්ලර බඩු වෙලදසැල් ජාලය බවට පත්වී තිබෙනවා.

නියාමන ප්‍රමිතීන් සපුරාලන අතරම සාම්ප්‍රදායික කාඩ්පත් හා සසඳන විට ඔවුන්ගේ පැත්තෙන් ගනුදෙනු ගාස්තු අඩු කරන බව සමාගම අවධාරණය කළේය.

ක්‍රිප්ටෝ භාවිතය ප්‍රධාන ධාරාවේ අංශවලට ව්‍යාප්ත වීමත් සමඟ, SPAR හි මුලපිරීම දෛනික පාරිභෝගික වෙළඳපොළවල ක්‍රිප්ටෝ මගින් ගෙවීම කිරීමට ජනතාවගේ ඇති කැමැත්තෙ පෙන්නුම්කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.