සීෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති පැට්රික් හර්මිනි නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම නිල සංචාරයට සමගාමීව ජනාධිපතිවරයා දින 06 ක කාලයක් ඉන්දියාවේ රැඳී සිටින බවයි.
මෙම සංචාරය අතරතුර සීෂෙල්ස් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට ද සහභාගී විය.
එහිදී ඉන්දියාව සීෂෙල්ස් රාජ්‍යයට සංවර්ධන ආධාර ලෙස ඩොලර් මිලියන 175 ක් ප්‍රකාශයට පත් කර තිබේ.
තිරසාරභාවය, වෙළඳාම සහ ආර්ථිකය මෙන්ම ආරක්ෂාව යන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පුළුල් දැක්මක් සඳහා ද එහිදී දෙපාර්ශ්වය එකඟ වී ඇත.
සීෂෙල්ස් යනු ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාව සඳහා ප්‍රධාන සමුද්‍රීය අසල්වැසියෙකි.
ඉන්දියාව සහ සීෂෙල්ස් සම්බන්ධ වී ඇත්තේ භූගෝලීය වශයෙන් පමණක් නොව, ඉතිහාසය, විශ්වාසය සහ අනාගතය සඳහා බෙදාගත් දැක්මකින් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සීෂෙල්ස් ජනාධිපතිවරයා සමග පැවැති ද්විපාර්ශවික හමුවෙන් අනතුරුව නිකුත් කළ ජනමාධ්‍ය ප්‍රකාශයේ සඳහන් කළේය.



