අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති ප්‍රබල හිම කුණාටුවක් හේතුවෙන් නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවක විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වනවා. එම කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අමෙරිකානු ජාතික කාලගුණ සේවයට අනුව, ටෙක්සාස් සිට නිව් ඉංග්ලන්ඩ් දක්වා හිම කුණාටුවේ දැඩි බලපෑම් වාර්තා වී තිබෙනවා.
පවතින තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සහ මාර්ග වසා දමා ඇති අතර ගුවන් ගමන් 13000 ක් පමණ අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ලුසියානා ප්‍රාන්තයෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වන අතර, සෞඛ්‍ය නිලධාරීන් තහවුරු කර ඇත්තේ එම මරණ සිදුව ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් බවයි.
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ තවත් පුද්ගල මරණයක් ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.
අමෙරිකානු වාර්තාවලට අනුව, ඉරිදා දහවල් වන විට, නිවාස 900,000 කට පමණ අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය අහිමි වී තිබුණා.
දැඩි හිමපතනය ජනජීවිතය අඩාල කර ඇති අතර රථවාහන ගමනාගමනයට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් ඇති බව ද සඳහන්.
මෙම තත්ත්වය දින ගණනාවක් පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඇමරිකානුවන් මිලියන 180 කට පමණ ඉන් බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබෙනවා.
නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර කැතී හොචුල් ප්‍රාන්ත ජනතාවට දැනුම් දී ඇත්තේ ශීත කාලගුණයෙන් ආරක්ෂා වීම සඳහා හැකි පරිදි සංවෘත ස්ථානවල රැඳී සිටින ලෙසයි.
මෙය නිසැකවම අප දැක ඇති සීතලම කාලගුණය මෙන්ම වසර ගණනාවකින් අප දුටු සීතලම ශීත කුණාටුව” වනු ඇති බවයි නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




