යේමනයේ ඉරාන හිතවාදී හුති සටන්කාමීන් රතු මුහුදු තීරයේ පිහිටි උපායමාර්ගික ප්‍රදේශ රැසක පාලනය තමන් සතු කරගෙන ඇති බව ප්‍රකාශ කර සිටිනවා.

යේමන් රජයේ හමුදාවන්ට එරෙහිව දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුමකින් අනතුරුව, ප්‍රධාන වරාය නගරයක් වන මොකා (Mocha) නගරය ඇතුළු බැබ් එල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි දූපත් කිහිපයක බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තත්ත්වයත් සමඟ ගෝලීය තෙල් සහ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම නාවික ගමන් මඟක් වන රතු මුහුද ආශ්‍රිත කලාපයේ ආරක්ෂාව පිළිබඳව නැවතත් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

කෙසේවෙතත්, සාමාන්‍ය වෙළඳ නෞකාවලට තර්ජනයක් නොඑල්ල කරන බවත්, මෙය ආරක්ෂක පියවරක් පමණක් බවත් හුති සංවිධානයේ ප්‍රකාශකයින් සඳහන් කර සිටිනවා.

මේ අතර, පවතින  තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කෙරෙහි ද ඉදිරියේදී සෘජු බලපෑමක් එල්ල විය හැකි බවයි විදෙස් මාධ්‍ය  වාර්තා පෙන්වා දෙන්නේ.