මෙරට ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන ,ගවු පේ, (Gov Pay) හරහා 2025 වසරේදී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ දින 45ක කාලයක් තුළ එහි ආදායම රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 2 දක්වා දෙගුණ වී ඇති බවයි.
2025 පෙබරවාරි 07 වන දින ,ගවු පේ, නිල වශයෙන් දියත් කළ දින සිට, මේ දක්වා ඒ හරහා ඩිජිටල් ගනුදෙනු 70,178 කට වඩා සිදු කර තිබෙනවා.
එමඟින් රාජ්‍ය ආයතන 221 ක් හරහා රාජ්‍ය සේවා 3,372කට ගෙවීම් පහසුකම ස්ථාපිත කර ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ.
2025 අප්‍රේල් 10 වන දින සිට මේ දක්වා, මෙම පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් 50,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා.
එමඟින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 66 කට අධිකයි. මෙම සේවාව දැනට දකුණ, කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළුව බටහිර, දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද පළාත් පුරා ක්‍රියාත්මක වනවා.
මේ අතර, ‘රී බිල්ඩ් ශ්‍රී ලංකා‘ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
ඔහු සඳහන් කළේ මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවයි. ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී තිබෙනවා.
ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් ඇති බවයි ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ.
මෙම ආධාර මුදල් ලැබී ඇත්තේ, උතුරු අමෙරිකාව, ඔස්ටේ්රලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවල් 43කින්.




