අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනෙකු ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදීම හේතුවෙන් මිය ගියේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් වෙන වෙනම විමර්ශන සිදු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයන් පිළිබඳ කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණේ අයි ඩි එච් රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගින් දෙදෙනා මිය යාමට පෙර බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා.