ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන වාරිකය ශ්‍රී ලංකාවට හිමි වුවත් ජනතාව අපේක්ෂා කරන සහන හිමි නොවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
හයවන වාරිකය මෙරටට හිමිවීමෙන් සිදුවන්නේ මෙරට නිල සංචිත ඉහළ යාම සහ රුපියල ශක්තිමත් වීම බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.
හයවන වාරිකය ලැබීමෙන් ශ්‍රී ලංකාවට හිමිවන තවත් වක්‍ර වාසි සම්බන්ධයෙන් ඔහු මෙලෙස පැහැදිලි කළා.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවා.
විස්තීර්ණ ණය පහසුකම් අරමුදලේ පස්වන සමාලෝචනය ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ.
මෙම එකඟතාවයෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් මිලියන 347ක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමි වීම නියමිත අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු වනවා.