Published
කලාපයේ විනාශකාරී ගංවතුරෙන් සිදු වූ විනාශයෙන් පීඩාවට පත් ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ජනතාවට ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශෝකය පළ කර තිබෙනවා .
නිල x පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මේ බව සඳහන් කර සිටියා.
එමෙන්ම මෙකී ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත ගැන IMFහිද ශෝකය පල කර ඇති අතර කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු යනුවෙන්ද ඇය නිකුත් කළ x පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වෙනවා .
එමෙන්ම ව්‍යසනයට මුහුණ දුන් රටවල් නැවත යථා තත්ත්වයට පත්වීමට සහ ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීමට IMF සූදානම් බවයි ඇයගේ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ .



