ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 206ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදීමට එකඟතාවය පළ කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට ඉතා වැදගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.
මෙරට බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් නොමැති පසුබිමක මෙවැනි මූල්‍ය අරමුදලක් මෙරටට ලැබීම ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පිටුවහලක් වනු ඇතැයි ඔහු සඳහන් කළා.
ආපදා තත්ත්වය හේතුවෙන් විදෙස් රටවලින් සහන රැසක් මෙරටට ලැබුණද රටේ ආර්ථිකය සහ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන මුදල් වඩාත් ප්‍රයෝජනවත් වන බවයි ඔහු සඳහන් කළේ.
අදාල මුදල් මෙරටට ලැබෙන ක්‍රමවේදය පිළිබඳව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මෙහිදී පැහැදිලි කළා.


