Published
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම විධිවිධානය පිළිබඳ සිව්වන සමාලෝචනය අනුමත කර තිබෙනවා.
ඒ අනුව IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යකරණයක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙනු ඇති.
මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මේ දක්වා ශ්‍රී ලංකාව ලබාදී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1යි දශම 7යි 4ක් වනවා.
අප්‍රේල් 25 වනදා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්,ETF යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහනේ 04 වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි තිබුණා.
ඒ අනුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය පිළිබඳ ඇගයීම ඊයේ දින සිදු කර තිබුණේ.