ලොව වැඩිම අවධානයක් සහ වැඩිම මුදලක් සංසරණය වන ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, පංජාප් කින්ස් කණ්ඩායම සහ බැංගලෝර් රෝයල් චැලේන්ජස් කණ්ඩායම අතරයි.

මෙවර අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායම් දෙකම මෙතෙක් IPL කිරුළ දිනාගෙන නොතිබීම විශේෂත්වයක්.

බැංගලෝර් කණ්ඩායම 2011දී අවසන් මහා තරගයට පිවිසිය ද ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා.

පංජාබ් කණ්ඩායම ද 2014 වසරේදී අවසන් මහා තරගයට පිවිසිය ද ඔවුන්ට ශූරතාවය දිනා ගැනීමට හැකි වූයේ නැහැ.

බැංගලෝර් සංචිතයේ ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුෂාර ඇතුළත්ව සිටිනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.