වයඹදිග නයිජීරියාවේ අයි.එස් කණ්ඩායම් ඉලක්ක කර අමෙරිකාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අයි.එස් කණ්ඩායම්වලට එරෙහිව දැවැන්ත සහ මාරාන්තික ප්‍රහාරයක් දියත් කළ බවයි.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් අනාවරණ වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ මෙම ප්‍රහාරයට නයිජීරියාව ද සම්බන්ධ වී ඇති බවයි.

දෙරටේ ඒකාබද්ධ ප්‍රහාරයක් ලෙස මෙය සිදුවූ බවයි නයිජීරියානු විදේශ ආමත්‍යවරයා පවසා ඇත්තේ.

නයිජීරියානු විදේශ අමාත්‍ය යූසුෆ් මයිටාමා ටග්ගර් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම ඒකාබද්ධ මෙහෙයුමට විශේෂිත ආගමක් සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි.

නයිජීරියානු අයි.එස් කණ්ඩායම අහිංසක ක්‍රිස්තියානි ජාතිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවත් දරුණු ලෙස ඝාතනය කරන බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා.

නයිජීරියාවේ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන ලෙස අමෙරිකානු හමුදාවට ට්‍රම්ප් නියෝග කළේ ඉකුත් නොවැම්බර් මාසයේදීයි.