අංගීරස සිරිසදහම් රාත්‍රීය වැඩසටහන, මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (14)පස්වරුවේ ආරම්භ වනවා.

දිවයිනේ ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ සිව් නමක් එහිදී ධර්මදේශනා සිදුකරන බවයි එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් පැවසුවේ.

අංගීරස සිරිසදහම් රාත්‍රීය වැඩසටහන අද (14) පස්වරු හයේ සිට හෙට උදැසන 6 දක්වා නෙත් එෆ් එම් රේඩියෝව හරහා සජීවීව ඔබට ශ්‍රවණය කළ හැකියි.