Published
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 06 ශ්‍රේණියේ සිසුන්ට ලබා දීමට නියමිත මොඩියුලයක සඳහන් නොවිය යුතු කරුණක් ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන්.
බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්රණකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා.
මේ අතර අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ද මෙම කරුණට අදාළව අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.


