දිවයින පුරා අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිහිටියන් සහ කුඩා ළමුන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
ඒ, මෙම කාලගුණික තත්ත්වය හමුවේ මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් පල කරමින්.
මෙම අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයට හේතුව කුමක්ද?
ඉදිරි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අතුල කරුණානායක මහතා අදහස් පල කලා.
මේ අතර, උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා ඉසව්හිදී වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා.
ඔහු පැවසුවේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා කටයුතුවලදී ක්‍රීඩා තරග අවම කිරීම, සිසුන්ට නිරන්තර විවේකය ලබා දීම සහ දරුවන් සිසිල් ස්ථානයට යොමු කිරීම මෙන්ම ජලය හෝ ලවන අඩංගු පානයන් ලබා දීම ඉතා වැදගත් බවයි.




