Published
අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම සියයට 50 ත් 60 අතර ගණනකින් ඉහළ ගොස් ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
පසුගිය වසරේ සිදුකරන ලද වැටලීම්වල දී වැඩිම අවි ආයුධ සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය 2024 දී පොලිස් භාරයටගත් ප්‍රමාණය මෙන් දෙගුණයක් වන බවත් පොලිස්පතිවරයා පැවසුවා.
එමෙන්ම 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් තුන් ගුණයකින් වැඩි කර ඇති බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩි දුරටත් සදහන් කළා.



