මෙරට උද්ධමනය නිසි පරිදි පාලනය කර ඇති බව කම්කරු අමාත්‍යය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බවයි.

පසුගිය ජනවාරි මාසයේ වාර්තාවූ උද්ධමන අගය ද සැලසුම් කල මට්ටමේ පවතින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.