පුරා විද්‍යාත්මක ස්ථානයක් වන පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය වඩාත්ම සුදුසු වන්නේ හෝටල් සංකීර්ණයක් වෙනුවෙන් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව අදාල වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ සඳහා යෝජනා කැඳවීමට ඉදිරියේදී ආයෝජකයන්ට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළා.