Published
ඉන්ධන ප්‍රවාහන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ, නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කිරීමත් සමඟයි.
මේ අතර, ඉන්දියාවේ සිට ඉන්ධන නෞකාවක් ද මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් මෙටි්රක් ටොන් 35,000ක් රැගත් මෙම නෞකාවේ ඉන්ධන ඊයේ රාත්‍රියේ සිටම ගොඩබෑම ආරම්භ කල බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.




