මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිතර වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ‍ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව විසින් යාපනය, කරේනගර් මුහුදු සීමාවේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී සැකකරුවන් ගමන් කළ යාත්‍රාවක් සහ මසුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණද නාවික හමුදාව විසින් සිය භාරගෙන ගෙන තිබෙනවා.

එලෙස නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් ඉදිරි විමර්ශන සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.