QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරියද අනවශ්‍ය පරිදි ඉන්ධන පරිභෝජනය කිරීමෙන් ජනතාව තවදුරටත් වැළකී සිටිය යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා.

එමෙන්ම මෙම අවස්ථාවේ දේශපාලනඥයින් මෙන්ම ජනතාව ද සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගිය ආකාරය සම්බන්ධයෙන්ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැහැදිලි කළා.

ඒ අනුව මෙරට ජනතාව ඉන්ධන පරිභෝජනය තවදුරටත් අවම කළයුතු බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේ.