විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ අවස්ථාවේදී කල අදහස් දැක්වීම.
ශීඝ්‍ර ලෙස ඉන්ධන මිල වැඩි වීම නිසා අප රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බලවත් අසීරුතාවකට මුහුණ දෙමින් සිටින බවත් මේ ඉන්ධන මිල වැඩි වීම නිෂ්පාදන චක්‍රයට සහ ඉල්ලුම් හා සැපයුම් දාමයට බරපතල සෘණාත්මක අගතිගාමී බලපෑමක් එල්ල කරමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ලක්ෂ 45කට ආසන්න ප්‍රමාණයකට රැකී රක්ෂා හා ජීවනෝපාය සපයන බවත් මේ ක්ෂේත්රය කඩා වැටුණහොත් අප රටේ ආර්ථික වර්ධනය බිද වැටී ගෘහයේ ආර්ථිකය කඩා වැටී රටේ නිෂ්පාදන ධාරිතාව දුබල වන බවත් මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මේ වෙනුවෙන් මැදිහත් වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට සහයෝගය හා ශක්තිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
භාණාඩාගාරයේ ඇති මුදල්වලින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට සහන දෙන්න.
රජය විසින් ට්‍රිලියන ගණන් මුදල් එකතු කර මහා භාණ්ඩාගාරය පිරි ඇති බව පවසන නිසා 2019 වසරේ සිට මේ දක්වා ඛේදවාචකයන් 5ක් තුළ බිඳ වැටුණු කඩා වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් නැවත ඔසවා තැබිය යුතු බවත් අප රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට නිසි සැලකිල්ල තවමත් ලැබී නැති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළ යුතු බවත් ඊට අමතරව මේ කඩාවැටුණු ව්‍යාපාරවල ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් සහන පැකේජයක් ක්‍රියාත්මක කරන්න.
ඊට අමතරව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ආර්ථික පැකේජයක් රජය ක්‍රියාත්මක කළ යුතු බවත් අමුද්‍රව්‍ය සපයන අය තමන්ගේ මිල වැඩිවීම මේ කර්මාන්තකරුවන්ට යොමු කර ඇති බවත් කර්මාන්තකරුවන්ගේ මිල වැඩි වීම පාරිභෝගිකයන්ට යොමු කළ හොත් තරගකාරීත්වය නැති වන නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් දැඩි පීඩනයකින් සිටින බවත් මේ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
බදු දැලෙන් මේ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගන්න.
එස්. වැට් ක්‍රමය තුළ අපනයනකරුවන්ට ලැබුණු ශක්තිය අද අහිමි වී ගොස් ඇති බවත් සීමාසහිත දින ප්‍රමාණයක් තුළ මේ සහන දෙනවා කිව්වත් දින 90ක් ගියත් ප්‍රතිපූර්ණය කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් රජය බදු දැන පුළුල් කිරීම නිසා ව්‍යාපාරිකයන්ට යොමු කරන බදු දැලේ අඩුවක් කළ යුතු බවත් බදු වැඩි වුණ පසු ව්‍යාපාර කඩාවැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ යන විදිහට ගියොත් නම් කර්මාන්ත කඩා වැටෙනවා.
මේ පවතින තත්ත්වය තුළ අප රටේ කර්මාන්ත ක්ෂේත්රය කඩා වැටීමට නියමිත බවත් ඇගලුම් කර්මාන්ත ක්ෂේත්රය පවා බරපතල ගැටලු මතුවී අප රටේ කර්මාන්තකරුවන් වෙනත් රටවලට යන බවත් ආයෝජන ප්රාග්ධනය වෙනත් රටවලට යන තත්ත්වයක් මතුව තිබෙන නිසා මේ පීඩනයෙන් ඔවුන් මුදවා ගැනීම රජයේ වගකීම බවත් මොවුන්ගේ ගැටලුවලට සවන් දීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



