ඉරානයෙන් අමෙරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් පවතින තත්ත්වය දරුණු විය හැකි බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා පවසනවා.

ඔහු පැවසුවේ අමෙරිකාවේ පවතින හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර එල්ල කළහොත් මෙම යුද්ධය කලාපීය යුද්ධයක් බවට පත්විය හැකි බවයි.

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ගුවන් ප්‍රහාර පිළිබඳව නෙත් නිවුස් සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

අමෙරිකාව විසින් මෙවැනි ප්‍රහාරයක් සිදු කරනු ලැබුවේ ඇයි?

ඉරානයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වමින් තිබූ පසුබිමක අමෙරිකාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.