වත්මන් ආණ්ඩුව යටතේ වරායේ තිබූ කිසිදු බහාලුමක් දේශපලාන බලපෑම් මත නිදහස් කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කොළඹ වරායේ තිබූ කන්ටේනර් 323ක් දේශපාලන බලපෑම් මත නිදහස් කර ඇති බවට තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

මේ අතර වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරු ප්‍රශ්න විමසන අවස්ථා කිහිපයකදී සභාවේ උණුසුම් වාද විවාද ඇතිවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත අතුරු ප්‍රශ්නයක් යොමු කළේ මෙලෙසයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

අතුරු ප්‍රශ්න ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ අතර එහිදී මන්ත්‍රීවරයා සහ කතානායකවරයා අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද එහිදී මෙම සංවාදයට එක්වුණා.

කෙසේවෙතත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අදාළ කරුණ සම්බන්ධයෙන් දිගින් දිගමට ප්‍රශ්න කිරීමත් සමග සභාවේ ඇති වුණේ මෙවන් උණුසුම් තත්ත්වයක්.

ඉන් අනතුරුව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අමාත්‍ය බිමල් රත්නායක මහතා වෙත සිය ප්‍රශ්නය මෙලෙස ඉදිරිපත් කළා.

වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කර තිබූ ප්‍රශ්නයකට අදාළව අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී කතානායකවරයා ඊට ඉඩ ලබා නොදීමත් සමග නැවතවරක් සංවාදයක් ඇත වුණේ මෙලෙසයි.

ඉන් අතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය අතුරු ප්‍රශ්න ඉදිරිපත් කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.