Published
ඉදිරි උත්සව සමයේ පීඩාවකින් තොරව ජනතාවට ගත කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඒ අනුව භාණ්ඩ මිල ඉහල යාම උපරිම ලෙස සීමා කිරීමට මේ වනවිට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවද නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර ඉදිරි කන්නය සදහා රට තුළ ප්‍රමාණවත් ආනයනික පොහොර තොග පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
කෙසේවෙතත් එම රටවල් අතර යුද ගැටුම් ආරම්භවීමට ප්‍රථමයෙන් දිවයිනට රැගෙන ආ පොහොර තොගවල මිල අදාළ සමාගම් මේ වනවිට ඉහළ දමා ඇති බවයි ඔහු පැවසුවේ.
අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් ලබන 17 වනදා සාකච්ඡා කරන බවද කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවා.




