උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම අද ආරම්භ වනවා. ඒ අනුව අයදුම්පත් භාර ගැනීම අද පෙරවරු 09.00ට විවෘත වන අතර එය පෙබරවාරි මස 19 වන දින පස්වරු 09.00 දක්වා විවෘතව පවතිනවා.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහායි මෙලෙස අයදුම්පත් කැදවීම සිදුවන්නේ.
ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ද ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කල හැකියි.
මේ අතර, රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ද අයදුම්පත් කැඳවා තිබෙනවා.
එම අයදුම්පත් ද මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් භාර ගැනීමට නියමිතයි.
එය පෙබරවාරි මස 20 වන දින උදෑසන 09ට විවෘත වන අතර, එය මාර්තු මස 5 වන දින උදෑසන 9ට අවසන් වීමට නියමිතයි.
අදාළ ගැසට් නිවේදන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබෙනවා.



