Published
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 220ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 219ක්.
නායක චරිත් අසංලක ලකුණු 45කට දැවී ගියා.
ධනංජය ද සිල්වා ලකුණු 40යි.
පවන් රත්නායක රැස්කළ ලකුණු සංඛ්‍යාව 29යි.
පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26 බැගින් රැස්කර සිටියදී දැවී ගියා.
දුනිත් වෙල්ලාලගේ පන්දු 19කදී ලකුණු 20ක් රැස් කළා.
පන්දු යැවීමේදී ජෝ රූට්, ජමී ඕවර්ටන් සහ අදිල් රෂීඩ් කඩුලු 02 බැගින් බිඳහෙලුවා.




