Published
රුපියල් ලක්ෂ දොලහක් වටිනා ප්‍රතිජීවක එන්නන් තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබියදී, ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියා ද සමග අද(13) දහවල් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 30 හැවිරිදි වියේ පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකි .
ඔහු අද(13) දහවල් 11.40 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1283 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ප්‍රතිජීවක එන්නන් තොගය සගවා ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.





