කටුනායක ගුවන් තොටුපොළ තුල සිට කොළඹ දක්වා විශේෂ පෞද්ගලික බස් රථ සේවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙසයි.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය දැන් ගුවන් තොටුපොළේ සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම සේවාව පැය 24 පුරා සතියේ දින හතේම ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඉදිරියේ දී ගමන් මලු‍ රැගෙන යාමේ පහසුව සහිත බස් රථ මෙම ‍සේවය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

කටුනායක සිට කොළඹ බලා පැමිණීමට ලබාගන්නා ටිකට් පතක මිල රුපියල් 290 ක් පමණයි.