ඉන්දියාවේ පූනෙයිහි පැවත නේවාසික කදවුරක් සදහා සහභාගි වූ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය නියෝජනය මෙරට පාසල් සිසුවියන් ඇතුළු කාන්තාවන් පිරිසක් දිවයිනට යළි පැමිණීමට නොහැකිව සිටිනවා.
පසුගිය ජනවාරි 30වනදා පළමුව මුම්බායි බලා පිටත්ව ගිය එම පිරිස එතැන් සිට පූනෙයි දක්වා ගමන් කර අදාළ කඳවුරට සහභාගි වූ බවයි එම සිසුවියන්ගේ දෙමව්පියන් නෙත් නිවුස් වෙත පැවසුවේ.
එම කදවුර අවසන්ව ඊයේ දිනයේ යළි දිවයිනට පැමිණීමට එම පිරිස පුනෙයි සිට මුම්බායි ගුවන් තොටුපොලට පැමිණීමට කටයුතු කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් පැමිණි මාර්ගයේ සිදුව ඇති රිය අනතුරක් සහ වාහන තදබදය හේතුවෙන් නියමිත වේලාවට ගුවන් තොටුපොල වෙත පැමිණීමට නොහැකි වී ඇති අතර ඒ අනුව නියමිත ගුවන් යානයද පිටත්ව ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් සිය දරුවන් ඇතුළු එහි රැදී සිටින පිරිසට මෙතෙක් දිවයිනට පැමිණීමට නොහැකි වී තිබෙනවා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විිජිත හේරත් මහතා දැනුවත් කළා.
ඒ අනුව අදාළ පිරිස දිවයිනට රැගෙන ඒමට විිදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වුණේ.



