Published
කන්තලේ, මනිරාසකුලම් ප්රදේශයේ වළ දමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
වාන්ඇල පොලීසිය පැවසුවේ ප්රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව එම බිම් බෝම්බය සොයාගත් බවයි.
මනිරාසකුලම් ප්රදේශයේ යුද ගැටුම් පැවති සමයේ එල් ටී ටී ඊ් සාමාජිකයන් විසින් මෙම බෝම්බය වළ දමන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා එම බිම් බෝම්බය නිෂ්ක්රීය කිරීමට කටයුතු කරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.



