රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය සිදු කිරීමට වටරැක බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ජේලර්වරයෙකු බූස්ස බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව අදාල සිද්ධිය සහ එහිදී බූස්ස බන්ධනාගාරයේ දේපළවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් එම නිලධාරියා විමර්ශනය කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔහු ලබාදෙන වාර්තාව අනුව කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන්ට එරෙහිව කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.
බූස්ස බන්ධනාගාරයේ ‘ඩී’ වාට්ටුවේ රඳවා සිටි රැදවියන් පිරිසක් පසුගිය 16 වනදා ව්‍යායාම් සදහා එම වාට්ටුවෙන් පිටතට ගෙන තිබුණා.
යළි ඔවුන් එම වාට්ටුවට ඇතුල් කිරිමේදි බූස්ස බන්ධනාගාරයේ නව පරිපාලනයට එරෙහිව රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව රැදවියන් 07 දෙනෙකු ‘ඩී’ වාට්ටුවේ වහලය මත නැග කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.
එහිදී ඔවුන් එම වාට්ටුවේ වහලය සහ දොරගුළුවලට හානි සිදුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
කෙසේවෙතත් බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහාය ඇතිව කලහකාරී ලෙස හැසිරුණු එම රැදවියන් යළි ‘ඩී’ වාට්ටුව තුළ රඳවා තිබෙනවා.
එහිදී කලහකාරී ලෙස හැසිරුණු රැදවියන් 06 දෙනෙකු කුරුවිට, කළුතර සහ අගුකොලපැලැස්ස බන්ධනාගාර වෙත මාරු කළ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.




