Published
නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ තොගයක් සොයාගෙන තිබෙනවා.
කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්රදේශයේ ලඳු කැලෑවක් තුළ සිදු කළ එම මෙහෙයුමේදී උර 64ක් තුළ තිබී බීඩි කොළ කිලෝ ග්රෑම් 2,123ක් සිය භාරයට ගැනීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.
නාවික හමුදා භාරයට ගත් එම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාර දීමට නියමිතයි.
මෙම මෙහෙයුමත් සමඟ මෙම වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 19,000කට අධික තොගයක් සිය භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.