Published
හෙළයේ ගීත කෝකිලාවිය, කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද උදෑසන කොළඹ නිදහස් චතුරස්රය වෙත රැගෙන එනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ රාජ්ය අනුග්රහය සහිතව කොළඹ නිදහස් චතුරස්රය පරිශ්රයේදී සිදු කිරීමට නියමිතයි.
පසුව, දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පස්වරු 02 දක්වා කොළඹ නිදහස් චතුරශ්රය පරිශ්රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
පස්වරු 02ට ආගමික වතාවත් සිදු කෙරෙනු ඇති.
ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වනදා අභාවප්රාප්ත වූ අතර ඇය මිය යන විට 91 වන වියේ පසුවුණා.




