ගෑස් හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට නිසි පරිදි ගෑස් ලබා දීමට එම සමාගම කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී එම පාරිභෝගිකයින් සතු කහ පැහැති ගෑස් ටැංකිවලට නිල් පැහැති ලිට්‍රෝ ගෑස් ටැංකි ලබා දීමටයි අවධානය යොමුව ඇත්තේ.

වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ පාරිභෝගික අධිකාරිය මේ සම්බන්ධයෙන් වෙළඳපොල තත්ත්වයන් සොයා බලමින් සිටින බවයි.

මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන හෝ ගෑස් සැපයුම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.