කළුබෝවිල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක කාමරයක් තුළදී විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 26 වන වියේ පසු වන චීන ජාතිකයෙක්.

කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක සැඟව සිටියදී බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත්තා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 280 ක් සහ කැමරා 3ක් සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.