පකිස්ථාන් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද පැවැත්වෙන තරඟයට සියලු පහසුකම් සපයා ඇති බව ශ්‍රි ක්‍රිකට් ආයතනය පවසනවා.
ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පැවසුවේ. තරඟයට අදාළ සියලු ප්‍රවේශ පත්‍ර මේ වෙන විට අලෙවි වී අවසන් බවයි.
තරගයට ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන් කළ උප සභාපතිවරයා ලක්ෂයට අධික සංඛ්‍යාවක් ප්‍රවේශ පත්‍ර ඉල්ලුම්කර ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
මේ අතර ඉන්දු පකිස්ථාන් තරගය වෙනුවෙන් අද දිනයේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පවසනවා.
එමෙන්ම තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළුවන සෑම පුද්ගලයෙක්ම විශේෂ ශරීර පරීක්ෂාවකට ලක්කර බවත් සෑම ඇතුළුවීමේ දොරටුවක්ම CCTV කැමරා මඟින් පරීක්ෂා කිරීම්වලට ලක්කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින්ගෙන් කල්වේලා ඇතිව ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.




