කිරි තේ කෝප්පයක මිල හෙට සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 125 කින් අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල එලෙස අඩු කිරීමට තීරණය කළ බවයි.