Published
රුපියල් 34,019,000ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරු ඉන්දියාවේ, බැංගලෝර් නුවර වාසය කරන 35 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලේ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 419ක් සගවා ගෙන සිටියදී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකාර ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.



