Published
කූඨ ලෙස සකස් කර බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින්, මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබෙනවා. කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 218 දරන ගුවන් යානයෙන් ඔහු පැමිණ ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. සිය ගුවන් සේවා නිෂ්කාශන කටයුතු කර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන කවුළුව වෙත පැමිණ ඔහු සිය බ්‍රසීල ජාතික ගමන් බලපත්‍රය ඉදිරිපත් කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ එම බ්‍රසීල ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවටයි.




