කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව - මන්නාරම මාර්ගයේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී මාර්ග බාධයක් යොදා සිදුකළ හදිසි පරික්‍ෂාවකදී එම කේරළ ගංජා තොගය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එහිදී පාර්සල් 12 ක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 22 යි ග්‍රෑම් 728 ක් අසුරා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.