අහංගම ගොවියාපාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එහිදී බීර මිලි ලීටර් 38,280ක් සහ දේශීය හා විදේශීය මත්පැන් මිලි ලීටර් 5,750ක් සිය භාරයට ගත් බවයි ගාල්ල සුරාබදු කාර්යාලය සදහන් කළේ.

මේ අතර යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මත්පෙති තොගයක් සමග තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී මත්පෙති 520ක් සොයාගත් බවයි නෙල්ලිඅඩි පොලීසිය පැවසුවේ.

සැකකරු පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.