ගාල්ල රිච්මන්ඩ් - මහින්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුම, “ආදරවන්තයින්ගේ සටන” 121 වරට හෙට(19) 20.21 යන දිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලය වන අවියානා සිලොන්(Aviyana Ceylon) හෝටල් සමුහයයි.

මේ සදහා මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුව ගාල්ල ජෙට්වින් ලයිට් හවුස් හෝටලයේදී පසුගියදා පැවැත්වි තිබෙනවා.

ආදරවන්තයින්ගේ සටන සඳහා අනුග්‍රාහක චෙක්පත අවියානා සිලෝන්හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් විද්‍යාලයේ විදුහල්පතිවරුන්ට ප්‍රධානය කිරීම මෙහිදී සිදුවී තිබෙනවා.

විද්‍යාල දෙකේ ක්‍රිකට් කණ්ඩායම් දෙක වෙත ක්‍රිඩා කිරීම සඳහා නිල ඇඳුම් ලබාදීම මෙහිදී සිදුකෙරුණේද අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවස්ම් මහතා අතිනි.

ආචාර්ය තිසර හේවාවසම් මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු විමද විශේෂත්වයකි.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස බෙවින් ජයවර්ධන සහ මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස අරෝෂ උදයාංග කටයුතු කරනු ලබනවා.

මාධ්‍ය හමුව සදහා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවාගේ මහතාද, මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතාද එක්ව සිටියා.

121 වෙනි ආදරවන්තයින්ගේ සටන, ගාල්ල රිච්මන්ඩ් - මහින්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟය සඳහා මෙවර ප්‍රධාන අනුග්‍රහය ලබාදෙන ශ්‍රී ලංකාවේ පළමු තරු හතේ හෝටලය වන අවියානා සිලෝන් හෝටල් සමූහය මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා දැවැන්ත දායකත්වයක් ලබාදීමට සූදානමින් සිටිනවා.

මෙම මාධ්‍ය හමුවට රිච්මන්ඩ්, මහින්ද විද්‍යාලවල ගුරුවරු ආදිශිෂ්‍යයෝ ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.