Published
කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.30 ට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලූ කුමරී සීඝ්‍රගාමී දුම්රිය අද සවස ගිංතොට දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ
එම දුම්රියේ එංජිම සහිත් මැදිරිය පිලි පැනීමකට ලක්ව ඇති අතර දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානී වී තිබෙනවා.
මේ අනුව අද දින තුළදී සිදුවූ දෙවන පිලී පැනීම මෙය වනවා
අද උදෑසන ද ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍ර දෙවී සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වී තිබුණා