අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය නිවසට ගිනි තබා තිබූ අතර, එම ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබුණි.

ගිනිගැනීමෙන් සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනෙකු සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර සිටිය දී 36 හැවිරිදි බිරිඳ මෙලෙස මීට සුළු වේලාවකට පෙර ජීවිතයෙන් සමුගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කර සිටියේ.

ගින්නට හසුවු 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි නැන්දණිය තවමත් පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.