රත්මලානේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනකු නැවතී සිටි එම ආයතනයේ නේවාසිකාගාරයේ තිබී ජීව උණ්ඩ සහ තහනම් පීහි කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සේවකයන් දෙදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවේ හිටපු කොමන්ඩෝ සෙබලෙක් බවයි පොලීසිය පැවසුවේ.

අදාළ නේවාසිකාගාරයේ තිබී ටි 56 ජිව උන්ඩ 07 ක් , ටි 56 හිස් උන්ඩ කොපු 02 ක් , ටි 56 පුහුණු උණ්ඩ 01 ක් මිලිමීටර් 9 වර්ගයේ ජීවඋන්ඩ 17 ක් , උල් පිහි 02 ක් හා පාපැදී චේන් 01 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සේවය කරන කොන්ක්‍රීට් ආයතනයේ කළමනාකරු විසින් වසරකට අවස්ථා කිහිපයකදී සේවයකින් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරය පරික්ෂා කරනු ලබනවා.

ඒ අනුව ඊයේ දිනයේ ද එලෙස පරීක්‍ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනාගේ ලොකර් වල තිබී මෙම ජීව උණ්ඩ සහ තහනම් පීහි හමුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකාර හිටපු කොමන්ඩෝවරයා 2015 වර්ෂයේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවට බැඳී 2020 වසරේ සේවය අතහැර ගොස් 2022 වර්ෂයේ පොදු සමා කාලය යටතේ නිත්‍යානුකූලව ඉවත් වී ඇතැයිද 29 හැවිරිදි සැකකරු වේරහැර කේ ඩි. යු රෝහලේ බි්‍රගේඩියර්වරයෙකු යටතේ සහායක වශයෙන්ද සේවය කර ඇතැයිද අනාවරණ වී තිබෙනවා.

අනිත් සැකකරු කුමල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.