ජීව පතරොම් ළඟ තබාගත් සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වත්තල, ගාල හංදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

සැකකරු විසින් සඟවා තිබූ ටී 56 ජීව පතරොම් 4ක්, රිවෝල්වර් වර්ගයේ පතරොම් 4 ක්, පිස්තෝල වර්ගයේ පතරොම් දෙකක් සහ විවිධ වර්ගයේ සිම්පත් 11ක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු හිටපු හමුදා සෙබළෙකු බවටද හදුනාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම සැකකරුට ගල්නෑව, කල්තොට හා ඇල්පිටිය පොලිස් වසම්වලට අදාළ අධිකරණවලින් වරෙන්තු සහ විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කර පැය 72ක රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලීසිය පැවසුවා.