Published
රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5 දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, මහර බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදි අධිකරණය නියෝග කළේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පෙබරවාරි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත මෙම සැකකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.